Wednesday, April 2, 2014

තුවාල ඉබේ වේළෙන හමක් හදයි

තුවාල වූ විට ඉබේම සුවපත් වීමේ සමත් කෘත්‍රිම මාංශ පේෂී විශේෂයක් නිපදවීමට ඇමරිකාවේ උතුරු කැරොලිනාවේ ඩියුක් විශ්වවිද්යාශලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති

මෙම මාංශ පේෂීන් ස්වභාවික මිනිස් මාංශ පේෂීන් හා සම වන බවත් වෙනසකට ඇත්තේ ඒවාට නැවත නැවත දලූලා වැඩෙන බවත් පර්යේෂකයෝ කියති

ඔවුන් මේ දිනවල පර්යේෂණ කරමින් සිටිනුයේ මෙම මාංශ පේෂීන් මිනිස් සිරුරට බද්ධ කළ හැකි හොදම ක්‍රමය සොයා බැලීමටයිගදැනට මිීයන් ආධාරයෙන් සිදුකර ඇති පර්යේෂණ වලින් වලදී සාර්ථක ප්රයතිඵල අත්කර ගැනීමට ඔවුහු සමත්ව ඇත්තාහ

මිීයන්ගේ සිරුරු වලට මෙම මාංශ පේෂීන් බද්ධ කර ඒවාට තුවාළ සිදුකර නිරීක්ෂණය කිරීමේදී තුවාළ වසාගෙන යළිත් මස් වැඩෙනු දැකගත හැකිවූවේයැයි ඔවුහු පවසති

මෙම මාංශ පේෂීන් වලට මෙසේ යළි වැඩීමට හැකියාව ලැබී ඇත්තේ ඒවායේ අන්තර්ගත කර ඇති විශේෂ ෙසෙලයක් නිසා බව පැවසේ

අතීතයේදීත් මෙවන් නැවත වැඩෙන මාංශ පේෂීන් ලොවට හදුන්වාදීම සිදුවුවද ස්වභාවික මාංශ පේෂීන්ට සෑම අතින්ම සම වන කෘතිම මාංශ පේෂියක් නිපදවා එයට නැවත වැඩීමේ හැකියාවද ලබා දී ඇත්තේ ප්රනථම වතාවට බව සදහන්ය

පර්යේෂණ කටයුතු සාර්ථක වන්නේ නම් ඉදිරියේදී තුවාළයක් සිදුවූ විට පීඩා විදිමින් සිටීමට අවශ්යත නොවනු ඇත

No comments:

Post a Comment