Wednesday, April 2, 2014

තුවාල ඉබේ වේළෙන හමක් හදයි

තුවාල වූ විට ඉබේම සුවපත් වීමේ සමත් කෘත්‍රිම මාංශ පේෂී විශේෂයක් නිපදවීමට ඇමරිකාවේ උතුරු කැරොලිනාවේ ඩියුක් විශ්වවිද්යාශලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති

මෙම මාංශ පේෂීන් ස්වභාවික මිනිස් මාංශ පේෂීන් හා සම වන බවත් වෙනසකට ඇත්තේ ඒවාට නැවත නැවත දලූලා වැඩෙන බවත් පර්යේෂකයෝ කියති

ඔවුන් මේ දිනවල පර්යේෂණ කරමින් සිටිනුයේ මෙම මාංශ පේෂීන් මිනිස් සිරුරට බද්ධ කළ හැකි හොදම ක්‍රමය සොයා බැලීමටයිගදැනට මිීයන් ආධාරයෙන් සිදුකර ඇති පර්යේෂණ වලින් වලදී සාර්ථක ප්රයතිඵල අත්කර ගැනීමට ඔවුහු සමත්ව ඇත්තාහ

මිීයන්ගේ සිරුරු වලට මෙම මාංශ පේෂීන් බද්ධ කර ඒවාට තුවාළ සිදුකර නිරීක්ෂණය කිරීමේදී තුවාළ වසාගෙන යළිත් මස් වැඩෙනු දැකගත හැකිවූවේයැයි ඔවුහු පවසති

මෙම මාංශ පේෂීන් වලට මෙසේ යළි වැඩීමට හැකියාව ලැබී ඇත්තේ ඒවායේ අන්තර්ගත කර ඇති විශේෂ ෙසෙලයක් නිසා බව පැවසේ

අතීතයේදීත් මෙවන් නැවත වැඩෙන මාංශ පේෂීන් ලොවට හදුන්වාදීම සිදුවුවද ස්වභාවික මාංශ පේෂීන්ට සෑම අතින්ම සම වන කෘතිම මාංශ පේෂියක් නිපදවා එයට නැවත වැඩීමේ හැකියාවද ලබා දී ඇත්තේ ප්රනථම වතාවට බව සදහන්ය

පර්යේෂණ කටයුතු සාර්ථක වන්නේ නම් ඉදිරියේදී තුවාළයක් සිදුවූ විට පීඩා විදිමින් සිටීමට අවශ්යත නොවනු ඇත

හීනයි හඳයි අතර සම්බන්ධය සොයයි

සිහින දැකීම සඳහා ආදි මානවයින් අතර ගති සිරිත් එක්කොට සළකා අපූරු පරීක්ෂණයක් කිරීමට බි‍්‍රතාන්‍යය මනෝවිද්‍යාඥයින් පිරිසක් කටයුතු කළහ.

ඔවුන් පවසන ආකාරයට සිහින දැකීමේදී සදෙහි බලපෑමට මිනිසා නතුවේ.විශේෂයෙන් පුර හඳ පවතින දිනයන්හීදී නිදා ගැනීමේ අපහසුතා හා නරක සිහින පෙනෙන්නේයැයි ඔවුන් පුද්ගලයින් 1000 ක් දෙනා ඇසුරෙන් සිදුකර ඇති පර්යේෂණයකින් අනාවරණයව තිබේ.

සඳ හා මිනිසා අතර සම්බන්ධය ඈත අතීතයටම දිව යන්නක් බව සදහන් වේ.ඉතිහාසඥයින් පවසන ආකාරයට ආදි මානවයා දඩයම් සදහා ප‍්‍රිය කර ඇත්තේත් පුර හද පවතින කාලයයි.තවද පුර හද පවතින සමයේදී ආදි මානවයා වඩා විමසිල්ලෙන් සිට ඇත්තේ තමන් ගොදුරු කර ගැනීමට එන මාංශ භක්ෂක සතුන්ගෙන් ආරක්ෂා වීමේ අරමුණෙනි.

ආදි මානවයාගේ මේ ගති සිරිත් නූතන මානවයාටද පරිනාමය වී ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.පර්යේෂණයෙන් හෙළිව ඇති ආකාරයට පුර හඳ පවතින සමයෙහි වර්තමාන මානවයා දක්වන හැසිරීම් අතීතයේ ආදි මානවයා දැක්වූ හැසිරීම් හා සමාන වන්නේ යැයි ඔවුහු කියති.

උදාහරණයක් ලෙස දක්වන්නේනම් පර්යේෂණයට සහභාගී වූවන් පුරහඳ පවතින සමයෙහි නිදා ගැනීමට අපහසු බව පැවසීම පැහැදිලි කිරීමට විද්‍යාඥයින් යොදාගෙන ඇත්තේ අතීතයේ ආදි මානවයා පුර හද පවතින සමයේදී ගොදුරු සොයා එන සතුන් පිළිබඳ විමසිල්ලෙන් සිට තිබීමයි.එම පුරුද්ද වත්මන් මානවයාටත් ලැබී ඇති සෙයක් දක්නට ඇතැයි විද්‍යාඥයෝ පවසති.

මෙම විද්‍යාඥයින් පිරිස කර ඇති තවත් දෙයක් වන්නේ පර්යේෂණයට සහභාගී වූවන් පිරිසට නිදා ගැනීමට යාමේදී නොයෙකුත් ශබ්දයන් ඇසීමට සළස්වා අනතුරුව ඔවුන් දුටු සිහින වල තොරතුරු ලබා ගැනීමයි.



එහිදී හෙළිව ඇත්තේ කුරුළු හඩ,සුළගට ගහ කොළ සෙලවෙන හඩ වැනි ශබ්දයන් අසමින් නින්දට ගිය පුද්ගලයින් සෞම්‍ය සිහිනත්,වාහන නළා හඩ කළබලකාරී නගරයක ඝෝෂාව වැනි ශබ්ද අසමින් නින්දට ගිය පුද්ගලයින් ප‍්‍රචණ්ඩ සිහිනත් දැක ඇති බවයි.

මේ අනුව නින්දට පෙර කිසියම් දෙයක් ඇසීමට සැළැස්වීමෙන් නින්දේදී පෙනෙන සිහිනයේ ස්වරූපය වෙනස් කිරීමට පවා හැකියාවක් තිබෙන බව පෙනෙන්නේයැයි ඔවුහු කියති.

(උපුටා ගැනීමකි)

Tuesday, April 1, 2014

ගෑණියෙක්ව සතුටු කරන්න පුලුවන් ක්‍රම 45 ක්

Like Us musicT20.com

1.   හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.

2.   ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.

3.   ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.

4.   ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.

5.   ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.

මේ දේවල් අමතක කරන්නත් එපා . . . 6. ඇයව වැළඳගන්න.

7.   ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.

8.   ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.

9.   ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.

10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න. නිදහස් තැන්වලදී . . .

11.   ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.

12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.

13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.

14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.

15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා. ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?

16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.

17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.

18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.

19. ඇය ලස්සන බව ඇයට පවසන්න.

20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න. ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න

21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.

22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.

23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.

24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න

25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි.

ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා

26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.

27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.

28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.

29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.

30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි. ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි

31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.

32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.

33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.

34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.

35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න

36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.

37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.

38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.

39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.

40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න. ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.

41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.

42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.

43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.

44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.

45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න.......................

Like us musicT20.com