Monday, August 25, 2014

ලොව හොඳම කථිකයා 'නොමඟ ගිය' ලාංකිකයෙක්

නායකත්වය සහ කථිකත්වය සම්බන්ධයෙන් කටයුතු කරන ලොව ප්‍රධානම ආයතනය සේ සැලකෙන මෙතැන ඔබන්න​ටෝස්ට්මාස්ටර්ස් ඉන්ටර්නැෂනල් ආයතනය මෙහෙයවන වාර්ෂික ජාත්‍යන්තර කථික ශූරතාවලියෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව සිය ජීවිතය නව මඟකට යොමු කෙරුණු බව ධනංජය වීරසිංහ පවසයි.
රටවල් විසි හයක තරඟ කරුවෝ 33,000 කට අධික පිරිසක් වසරක් මුළුල්ලේ ලෝක ශූරතාවලියට තරඟ වදිති.
පසුගිය සතියේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ පැවැත්වුණ ලෝක ශූරතාවලියේ අවසාන මහා තරඟය ජයගත් ධනංජය හෙට්ටිආරච්චි ඉරිදා ශ්‍රී ලංකාවට ලඟා විය.
'
ලක්ෂ තුනකට වැඩි පිරිසක් සාමාජිකත්වය දරන ටෝස්ට්මාස්ටර්ස් ඉන්ටර්නැෂනල් ආයතනයේ වසර 75 ක ඉතිහාසය තුල ඉංග්‍රීසි භාෂාව මවු භාෂාව නොවන රටක වැසියකු ලෝක ශූරතාවලිය ජයගත් ප්‍රථම වතාව මෙය බව ඔහු බීබීසී සංදේශයට පැවසීය.
"මේක නිසා මුළු ආසියාවේම කට්ටියටත් තියෙනවා ලොකු විශ්වාසයක් දැන් ඒගොල්ලන්ටත් මේක කරන්න පුළුවන් කියල. ඉතින් දැන් මට අවස්ථාව ලැබිල තියෙනව ඒ රටවලට ගිහිල්ල ඒගොල්ලන්ට කථා කරලා එයාල දිරිමත් කරන්න," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
ළමා වියේදී 'නොමඟ ගිය' දඟකාර චරිතයක් වීම හේතුවෙන් සිය පියා විසින් තමා ශ්‍රී ලංකාවේ ටෝස්ට්මාස්ටර්ස් සමාජයක් වෙත යොමු කළ අන්දමද ධනංජය කෘතවේදීව සිහිපත් කළේය.

ගතව ගිය දස වසර තුල සිවු වතාවක්ම අවසාන පූර්ව තරඟයට සුදුසුකම් ලැබූ ඔහු, අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබූ පළමු වතාව මෙයයි.

කොහොමද කෑෑෑෑම.....


මුදල් ජිවිතය නොවේ....


මොලේ සිරසට ගත්ත හැටි....... Mole sirasata gaththa hati...


Saturday, July 12, 2014


මේ පෝස්ටුව
වෙනුවෙන් විනාඩියක් වෙන්කරපන්ලා කෙල්ලනේ.....

උබ ඉපදෙන්න බඩේ ඉන්නකොට අම්ම කිව්වෙ "කෙල්ලෙක් උනොත් හොදයි" කියලා...

උබ ඉපදුනු දා දොස්තර මහත්තයා කිව්වේ "ලස්සන ගැහැණු දරුවෙක්" කියලා....

උබ ගෙදර අපුවාහම නෑයො කිව්වේ "සොක් කෙලී පැටියා" කියලා....

උබ ටික ටික ලොකු වෙනකොට හැමෝම කිව්වේ "දගකාරි" කියලා...

උබ ලොකු ලමයෙක් උනහම තාත්ත කිව්වේ උබත් දැන් ලමිස්සියක් කියලා...

උබේ ටික ටික උබේ මුන පහැපත් වෙනකොට ගමේ කොල්ලො කිව්වෙ පොඩි උනාට "පට්ට" කියලා....

උබේ තත්තා පෙසර් වැඩි වෙලා නිදි ඇදේම මලාම ගමම කිව්වෙ "කෙල්ල පව්" කියලා...

උබ කිලුටු ඇදන් විබාගේ ලියල ඒ 9ක් ගත්තාම ඉස්කෝලේ ට්චලා කිව්වේ "දස්ස කෙල්ල" කියලා...

උබේ අම්ම ලෙඩ ඇදට වැටිල උසස් පෙල කර ගන්න බැරි උනහම නැන්දා කිව්වේ "අසරනී" කියලා....

උබ ජිවිතේ බර උහුලන්න ගාමන්ට් යනකොට පාරේ උන් කිව්වේ "ලස්සන උනාට" ඔකීට මෙලේ නෑ කියලා...

උබ ත්රිවිල් අය්යාත් එක්ක යලු උනහම ගමම කිව්වේ "ඒකිත් ඉවරයි" කියලා...

උබ ගාමන්ට් පඩියෙන් ගත්ත අලුත් ඇදුම ඇදන් ගිය පලවෙනි දවසේ සුපවයිසර්ලා කිව්වේ ඒක පට්ට කෑල්ලක්නෙ බන් කියලා....

උබ ඉරිදට ඉරිදට ත්රිවිල් අය්යගේ බේරැමක් නැතුව ආදරේ නාමයෙන් රූම් යනකොට ගමම කිව්වේ එකිත් හොද බඩ්ඩ කියලා.....

නොදැනුවත්වම ත්රිවිල් අය්යා තාත්ත වෙලා උබේ බඩ එන කොට නෑදෑයො කිව්වේ ඔය "කර ගත්තේ" කියලා....

උබේ බඩට මාසතුනක් වෙනකොට ත්රිවිල් අය්යා ගමෙන් ගිහින් කියලා දැන ගන්නකොට උබ උබටම කිව්වේ කාලකන්ණි ගෑනි කියලා....

රජයේ රොහලට පින් සිද්ද වෙන්න දරුවා හම්බ උනහම නර්ස්ලා නොකිය කිව්වේ "වටේ ගිය" එකක් කියලා...

උබ දරුවව ලොකු කරන්න ගල් වලේ වැඩ කරනකොට ගල් වලේ උන් කිව්වෙ උබට "ඕවා හුරු නෑ"බන් කියලා....

උබේ දරුවා අඩනකොට බඩගින්නේ පොඩි එකාගේ කදුලු වලින් හිත හදාගෙන ඇග විකුනනකොට සමාජයම කිව්වෙ "ගණිකාව" කියලා....

හ්දිස්සියේම ගෙදරට පැනපු පොලිසියේ මහත් හොරු කිව්වේ නැගපිය :පට්ට ව්සි" වාහනේට කියල....

උසාවියට ගොඩ වෙන්න කලින් පොලිස් කුඩුවෙදි මාමලා බලන්න එනකොට උන් කිව්වේ "සැකකාරිය" කියලා ....

එතකොට උබ කිව්වේ අනෙ "මගෙ පොඩි එකා" මාමේ කියලා...

උබ උසාවියට ගොඩ උනහම එකේ උන් කිව්වේ විත්තිකාරිය කියලා....

ඇප තියන්න වත්කම් නැතුව මහ උලු ගෙදරට ගියහම ඒකේ උන් කිව්වේ තවත් "හොද නම්බරයක්" කියලා....

හිර කුඩු කුරු අතර වසර ගානක් එවිලා උබ උබේ හුස්ම අහසට මුහු කාලාම උබේ අවසන් කටයුතු වලට අපු හාමුදුරොවො කිව්වෙ උපාසක අම්ම කියලා...

මම දැන් උබට කියන්නෙ කෙල්ලේ කියලා. මේ සමාජය හරි කුරිරුයි බන් කෙල්ලේ ඒක නිසා පරිස්සමෙන්...

උපුටා ගැනීමකි.
සියලුම අයිතීන් හිමිකරු සතුයි

Wednesday, April 2, 2014

තුවාල ඉබේ වේළෙන හමක් හදයි

තුවාල වූ විට ඉබේම සුවපත් වීමේ සමත් කෘත්‍රිම මාංශ පේෂී විශේෂයක් නිපදවීමට ඇමරිකාවේ උතුරු කැරොලිනාවේ ඩියුක් විශ්වවිද්යාශලයේ පර්යේෂකයෝ පිරිසක් සමත්ව සිටිති

මෙම මාංශ පේෂීන් ස්වභාවික මිනිස් මාංශ පේෂීන් හා සම වන බවත් වෙනසකට ඇත්තේ ඒවාට නැවත නැවත දලූලා වැඩෙන බවත් පර්යේෂකයෝ කියති

ඔවුන් මේ දිනවල පර්යේෂණ කරමින් සිටිනුයේ මෙම මාංශ පේෂීන් මිනිස් සිරුරට බද්ධ කළ හැකි හොදම ක්‍රමය සොයා බැලීමටයිගදැනට මිීයන් ආධාරයෙන් සිදුකර ඇති පර්යේෂණ වලින් වලදී සාර්ථක ප්රයතිඵල අත්කර ගැනීමට ඔවුහු සමත්ව ඇත්තාහ

මිීයන්ගේ සිරුරු වලට මෙම මාංශ පේෂීන් බද්ධ කර ඒවාට තුවාළ සිදුකර නිරීක්ෂණය කිරීමේදී තුවාළ වසාගෙන යළිත් මස් වැඩෙනු දැකගත හැකිවූවේයැයි ඔවුහු පවසති

මෙම මාංශ පේෂීන් වලට මෙසේ යළි වැඩීමට හැකියාව ලැබී ඇත්තේ ඒවායේ අන්තර්ගත කර ඇති විශේෂ ෙසෙලයක් නිසා බව පැවසේ

අතීතයේදීත් මෙවන් නැවත වැඩෙන මාංශ පේෂීන් ලොවට හදුන්වාදීම සිදුවුවද ස්වභාවික මාංශ පේෂීන්ට සෑම අතින්ම සම වන කෘතිම මාංශ පේෂියක් නිපදවා එයට නැවත වැඩීමේ හැකියාවද ලබා දී ඇත්තේ ප්රනථම වතාවට බව සදහන්ය

පර්යේෂණ කටයුතු සාර්ථක වන්නේ නම් ඉදිරියේදී තුවාළයක් සිදුවූ විට පීඩා විදිමින් සිටීමට අවශ්යත නොවනු ඇත

හීනයි හඳයි අතර සම්බන්ධය සොයයි

සිහින දැකීම සඳහා ආදි මානවයින් අතර ගති සිරිත් එක්කොට සළකා අපූරු පරීක්ෂණයක් කිරීමට බි‍්‍රතාන්‍යය මනෝවිද්‍යාඥයින් පිරිසක් කටයුතු කළහ.

ඔවුන් පවසන ආකාරයට සිහින දැකීමේදී සදෙහි බලපෑමට මිනිසා නතුවේ.විශේෂයෙන් පුර හඳ පවතින දිනයන්හීදී නිදා ගැනීමේ අපහසුතා හා නරක සිහින පෙනෙන්නේයැයි ඔවුන් පුද්ගලයින් 1000 ක් දෙනා ඇසුරෙන් සිදුකර ඇති පර්යේෂණයකින් අනාවරණයව තිබේ.

සඳ හා මිනිසා අතර සම්බන්ධය ඈත අතීතයටම දිව යන්නක් බව සදහන් වේ.ඉතිහාසඥයින් පවසන ආකාරයට ආදි මානවයා දඩයම් සදහා ප‍්‍රිය කර ඇත්තේත් පුර හද පවතින කාලයයි.තවද පුර හද පවතින සමයේදී ආදි මානවයා වඩා විමසිල්ලෙන් සිට ඇත්තේ තමන් ගොදුරු කර ගැනීමට එන මාංශ භක්ෂක සතුන්ගෙන් ආරක්ෂා වීමේ අරමුණෙනි.

ආදි මානවයාගේ මේ ගති සිරිත් නූතන මානවයාටද පරිනාමය වී ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති.පර්යේෂණයෙන් හෙළිව ඇති ආකාරයට පුර හඳ පවතින සමයෙහි වර්තමාන මානවයා දක්වන හැසිරීම් අතීතයේ ආදි මානවයා දැක්වූ හැසිරීම් හා සමාන වන්නේ යැයි ඔවුහු කියති.

උදාහරණයක් ලෙස දක්වන්නේනම් පර්යේෂණයට සහභාගී වූවන් පුරහඳ පවතින සමයෙහි නිදා ගැනීමට අපහසු බව පැවසීම පැහැදිලි කිරීමට විද්‍යාඥයින් යොදාගෙන ඇත්තේ අතීතයේ ආදි මානවයා පුර හද පවතින සමයේදී ගොදුරු සොයා එන සතුන් පිළිබඳ විමසිල්ලෙන් සිට තිබීමයි.එම පුරුද්ද වත්මන් මානවයාටත් ලැබී ඇති සෙයක් දක්නට ඇතැයි විද්‍යාඥයෝ පවසති.

මෙම විද්‍යාඥයින් පිරිස කර ඇති තවත් දෙයක් වන්නේ පර්යේෂණයට සහභාගී වූවන් පිරිසට නිදා ගැනීමට යාමේදී නොයෙකුත් ශබ්දයන් ඇසීමට සළස්වා අනතුරුව ඔවුන් දුටු සිහින වල තොරතුරු ලබා ගැනීමයි.



එහිදී හෙළිව ඇත්තේ කුරුළු හඩ,සුළගට ගහ කොළ සෙලවෙන හඩ වැනි ශබ්දයන් අසමින් නින්දට ගිය පුද්ගලයින් සෞම්‍ය සිහිනත්,වාහන නළා හඩ කළබලකාරී නගරයක ඝෝෂාව වැනි ශබ්ද අසමින් නින්දට ගිය පුද්ගලයින් ප‍්‍රචණ්ඩ සිහිනත් දැක ඇති බවයි.

මේ අනුව නින්දට පෙර කිසියම් දෙයක් ඇසීමට සැළැස්වීමෙන් නින්දේදී පෙනෙන සිහිනයේ ස්වරූපය වෙනස් කිරීමට පවා හැකියාවක් තිබෙන බව පෙනෙන්නේයැයි ඔවුහු කියති.

(උපුටා ගැනීමකි)

Tuesday, April 1, 2014

ගෑණියෙක්ව සතුටු කරන්න පුලුවන් ක්‍රම 45 ක්

Like Us musicT20.com

1.   හැකි සෑමවිටකම ඇයව ඔබට තුරුල්කරගන්න.

2.   ඇයත් සමඟ හැකිතරම් කතාබහ කරන්න.

3.   ඔබේ රහස් ඇයත් සමඟ බෙදාගන්න.

4.   ඇයට සීතල දැනුණ විටදී ඇයව උණුසුම් කරන්න.

5.   ඇයව සිපගන්නා විට කලබල නැතුව සෙමින් ඇයව සිපගන්න.

මේ දේවල් අමතක කරන්නත් එපා . . . 6. ඇයව වැළඳගන්න.

7.   ඇයගේ අතින් අල්ලගෙන සිටින්න. තප්පරයකට දෙකකට වුනත් ඔබ ඇයගේ අතින් අල්ලගේන සිටීම ඇයට සතුටක්.

8.   ඇයත් සමඟ සිනහවෙන් කාලය ගෙවන්න.

9.   ඇයත් එක්ක ගමන් යන්න ඇයට කතාකරන්න. ඔබත් එක්ක ඇවිදින්නට ඇය හුඟාක් කැමති වේවි.

10. ඔබගේ මිතුරන් ඉදිරියේදී ඇයත් සමඟ එකට සිටින්න. ඇය ඔබේ පෙම්වතිය බව මිතුරන්ට හඳුන්වාදෙන්න. නිදහස් තැන්වලදී . . .

11.   ඇයත් සමඟ සුහදව සිනාසෙන්න.

12. ඇයත් සමඟ එකට සිට ඡායාරූප ගන්න.

13. ඇයව ඔබගේ උකුල මත හිඳුවාගන්න. ඇයට යන්න නොදී තදින් ඇයව අල්ලාගෙන ඉන්න.

14. ඇය කිව්වොත් ඔබ ඇයට ආදරේ කරනවාට වඩා ඇය ඔබට ආදරෙයි කියා ඒකට විරුද්ධ වෙන්න ඇයත් සමඟ තර්ක කරන්න. ඇයට දිනන්න දෙන්න එපා. ඔබ දිනනවාටයි ඇයත් කැමති.

15. ඇගේ යාලුවෝ කිව්වොත් ඔයාට වඩා එයාලා ඔයාගේ පෙම්වතියට ආදරෙයි කියලා එය ප්‍රතික්ශේප කරන්න. ඔවුන්ට විරුද්ධ වෙන ගමන් ඔබේ පෙම්වතියව තදින් අල්ලගෙන සිටින්න, ඇයට යාලුවන් දෙසට යන්න දෙන්න එපා. ඔයාට මේක කියවද්දි කාවහරි මතක් වෙනවද ?

16. ඔබ ඇයව හමුවූ විට ඇයව වැළඳගෙන ඇයට ආදරෙයි කියා පවසන්න.

17. ඇය බලාපොරොත්තු නොවන අවස්ථාවලදී ඇයව සිපගන්න.

18. ඇයට හොරෙන් පසුපසින් ඇවිත් ඇයව බදාගන්න.

19. ඇය ලස්සන බව ඇයට පවසන්න.

20. ඇය ගැන ඔබට හිතෙන දේවල් ඔක්කොම ඇයට පවසන්න. ඔබ ඇය ගැන සැලකිලිමත් වෙන ඇයුරු ඇයට පෙන්වන්න

21. ඇයත් සමඟ යනවිට ඇය වෙනුවෙන් දොරවල් විවෘත කරදෙන්න. ඇය වාහනය නගින තෙක් ඇය සමඟින් ඉන්න. ඇයව මහමග තනිකර දමායන්න එපා. සැමවිටම මහත්මා ගති ඇතිව කටයුතු කරන්න.

22. ඔබේ වටිනාම වස්තුව ඇය බව ඇයට පවසන්න. මෙය කියනවිට අවංකවම කියන්න. බොරුවට කියන්න එපා.

23. ඇය නොසතුටෙන් සිටිනවායැයි ඔබට හැඟුනොත් ඇගෙන් ඒ ගැන විමසන්න. ඇය එහෙම දෙයක් නැහැ කිව්වොත් ඇයට ඒ ගැන කතාකරලා හිත නරක් කරගන්න අනවශ්‍යයි, ඒ නිසා එහෙම කිව්වොත් ඇයව ඔබට තුරුල් කරගෙන මොහොතක් නිහඬව ඉන්න.

24. ඇයට ඔබගේ ආදරය නිරතුරුව දැනෙන්නට ඉඩහරින්න

25. ඔබ හඳුනන අනික් ගැහැණු ළමුන් ඉදිපිට ඇයව සිපගන්න. ඔබ ඇයගේම පමණක් බව ඇයට සිතේවි.

ගැහැණු ළමයි සමහරවිට මේවා ඇත්ත නෙවේ යැයි කියාවි, නමුත් ඇත්තටම එයාලා මේ දේවල්වලට කැමති බව ඔවුන් දන්නවා

26. ඇයට කවදාවත් බොරුවක් කියන්න එපා.

27. ඇයට කිසිදිනක වංචා කරන්නත් එපා.

28. ඇය යන්න කැමති ස්ථාන වලට ඇයව රැගෙන යන්න.

29. හැමදාම උදේට ඇයට සුබ දවසක් ප්‍රාර්ථනා කරලා කෙටි පණිවිඩයක් හෝ දුරකථන ඇමතුමක් දෙන්න. ඒ සමඟම ඔබට ඇය කෙතරම් මතක් වෙනවාද කියලත් ඇයට කියන්න.

30. ඇයට ඔබව අවශ්‍ය වෙන අවස්ථාවන්වලදී ඇය සමඟ සිටින්න, ඇයට ඔබගේ උදව් අවශ්‍ය නොවෙන විටකදීත් වුවමනා වුනොත් ඔබ එතන සිටින බවට තහවුරු කරන්න. එය ඇයට ශක්තියක් වේවි. ඉතිරියත් කියවන්න, ඔබට මේ කරුණු වැදගත් වේවි

31. ඇයට සීතල වූවුට ඇය අසලින් සිටින්න, ඇයට ඔබට තුරුල්වී සිටීමට ඉඩදෙන්න.

32. ඔබ ඇයත් සමඟ තනිවුණු මොහොතක ඇයව වැළඳගෙන සිපගන්න.

33. ඇයගේ දෙකොපුල් මුලින්ම සිප ගන්න.

34. ඇයගේ බඳවටා අත යවා ඇය ඔබට ළං කරගන්න. ඇය ඔබගේ උරහිස මත හිස තබා ගනීවි, ඒ ඇය කැමතිම දෙයක්, ඇයට ඒ සතුට විඳින්න ඉඩ දෙන්න.

35. විහිළුවටවත් ඔබ ඇයව ඇත්හැර යන බව කියන්න එපා, ඒක ඇයව ගොඩාක් දුකට පත්කරාවි ඊළඟ වතාවේදී ඔබ ඇයත් සමඟ සිටින විට මේ දේවල් මතක් කරගන්න

36. අන් අය ඇයට කරදරයක් කරන විට වහාම ඊට විරුද්ධව නැගී සිටින්න.

37. ඇයගේ ඇස් දිහා බලාගෙන ඇයට ආදරෙයි කියන්න.

38. තරු පෑයූ රාත්‍රියක ඇයත් සමඟ සිටින විට ඇ‍යට ඔබගේ පපුව මත හිස තබාගන්න දෙන්න, ඇයට ඔබගේ හදවත ගැහෙන රාවය අසන්නට ඉඩදෙන්න, ඔබගේ අතැඟිලි පටලවාගෙන ඇගේ කනට රහස් මුමුණන්න.

39. ඇයත් සමඟ ගමන් කරන විට ඇගේ අතින් අල්ලාගෙන යන්න.

40. ඇයව වැළඳගත් විට හැකිතරම් වේලා ඇයව ඔබට තුරුළු කරගෙන ඉන්න. ඇයට ඔබගේ ආදරය හොඳින් දැනෙන බවට සහතික වන්න.

41. ඇය නිදාගැනීමට කලින් ඇයට සුබ රාත්‍රියක් හා සුබ සිහින පතන්න.

42. ඇය හඬන විට ඇයව සනසන්න , ඇගේ කඳුලු පිසදමන්න.

43. ඇයත් සමඟ රාත්‍රියේ ඇවිදින්න යන්න.

44. නිතරම ඇයට ඔබ කොතරම් ආදරේද යන්න මතක් කරන්න.

45. ඇයත් සමඟ සිටින විට ඇයට ඔබේ ආදරය පවසා ඇය කිසිවක් කීමට කලින් ඇයව සිපගන්න.......................

Like us musicT20.com

Monday, March 31, 2014

තාත්තලගේ ආදරය මේ වගේ...

වයස අවුරුදු 80ක් වන මහලු මිනිසෙක් ඔහුගේ පුතාගේ නිවසේ උද්‍යානයේ වූ බංකුවක් මත වාඩි වී සිටියා. වයස අවුරුදු 45ක් වන හොදින් ඉගෙන ගෙන ඉහල පෙලේ රැකියාවක් කරන ඔහුගේ පුතාත් පසෙකින් වාඩි වී සිටියා.
හදිසියේම පැමිනි කපුටෙකු නිවසේ ජනේලයක් මත වැහුවා.

මහලු තාත්තා පුතාගෙන් ඇහුවා "ඒ මොකෙක්ද" කියලා...
පුතා පිලිතුරු දුන්නා "ඒ කපුටෙක්" කියලා...
...
මිනිත්තු කීපයකින් තාත්තා ආයෙත් පුතාගෙන් ඇහුවා "ඒ මොකෙක්ද" කියලා...
"ඇයි මේ" පුතා පිලිතුරු දුන්නා "මම දැන් ටිකකට කලින් කිව්වේ ඒ ඉන්නේ කපුටෙක්"

තව මිනිත්තු කීපයකින් තාත්තා ආයෙත් පුතාගෙන් අහුවා "ඒ මොකෙක්ද" කියලා තුන් වෙනි පාරටත්...
මේ සැරේ පුතාට තරහා ගියා..පුතා මෙහෙම කිව්වා "මොකද මේ? මම දැන් කී පාරක් කිව්වද? ඒ ඉන්නේ කපුටෙක්! කපුටෙක්!!"

තව මිනිත්තු කීපයකින් තාත්තා හතර වෙනි පාරටත් පුතාගෙන් "ඒ මොකෙක්ද" කියලා ඇහුවා...
මේ පාර නම් පුතාට හොදටම තරහා ගියා...පුතා තරහෙන් මෙහෙම කෑ ගැහුවා "මොකද වෙලා තියෙන්නේ? කියන දෙයක් තේරෙන්නේ නැද්ද? ඒ ඉන්නේ කපුටෙක් බව මම කී පාරක් කිව්වද? ඇයි එකම ප්‍රශ්ණේ මගෙන් දිගටම අහන්නේ" කියලා...

ටික වෙලාවකින් තාත්තා නිවස ඇතුලට ගිහින් ගොඩක් පරණ රැලි ගැහුන දිණ පොතක් ගෙනාවා...
දිණ පොතේ එක පිටුවක් පෙරලපු තාත්තා ඒක පුතාට දීලා හයියෙන් කියවන්න කිව්වා..
දිණ පොතේ මෙහෙම ලියලා තිබුනා.

"අද මම මගේ වයස අවුරුදු 3ක් වෙන පොඩි පුතා එක්ක බංකුවේ වාඩි වෙලා හිටියා ඒ වෙලාවේ ආපු කපුටෙක් ගෙදර ඉස්සරහා ජනේලේ වැහුවා...ඒක දැකපු මගේ පුතා 23 පාරක් ඒ මොකෙක්ද තාත්තේ කියලා මගෙන් ඇහුවා...ඒ අහපු හැම පාරම ඒ කපුටෙක් කියලා මගේ පුතාට මම කිව්වා...ඒ උත්තර දුන්න හැම වතාවෙම මම මගේ පුතාව ආදරෙන් තුරුල් කර ගත්තා"
ගොඩක් හැගීම්බර වුන පුතා හඩමින් තාත්තාව ආදරෙන් බදා ගත්තා...

තාත්තලගේ ආදරය මේ වගේ...අම්මලා වගේ අපිට ආදර පෙන්නන්නේ නැති වුනාට එයාලා කොච්චර තමන්ගේ දරුවන්ට ආදරය කරනවාද?
ඒත් අපි පුංචි කාලේ මුලු ලෝකය ගැනම අපි නොදන්න දේ අපිට කියලා දෙන තාත්තා මහලු වයසට පත් වුනාම අපි එයාට ඒ ආදරය රැකවරණය ලබා දෙනවද?

Sunday, March 30, 2014

ජීවිතයට උපදෙස්......

ඔන්න ඔබේ ජීවිතයට ගොඩක් වටින උපදෙස් ටිකක්....


1. කෙනෙකු අපේක්ෂා කරන තරමට වැඩි දෙයක් ඔහුට ලබා දෙන්න. එය කළ යුත්තේ සතුටින්මයි.
2. ඔබේ ප්‍රියතම කවිය කටපාඩම් කර ගන්න.
3. ඔබට ඇසෙන හැමදේම විශ්වාස නොකරන්න. ඔබේ අතේ ඇති හැම සතයක්ම වියදම් නොකරන්න. ඔනැවට වඩා නිදා නොගන්න.
4. "මං ඔයාට ආදරෙයි ..." කියද්දි හදවතින්ම කියන්න.
5. කිසිවකුගෙන් සමාව ඉල්ලද්දි කෙලින්ම ඔහුගේ දැස දෙස බලන්න.
6. විවාහ ගිවිස ගත යුත්තේ විවාහයට මාස හයකටවත් පෙර බව මතක තබ ගන්න.
7. දුටු සැනින් ඇතිවන ආදරය පිළිබදව විශ්වාස කරන්න.
8. අනෙක් අයගේ සිහින වලට සිනා නොවන්න. සිහින නැති මිනිසුන් තුල බොහො අඩුපාඩු තිබෙනවා.
9. හදවත පත්ලෙන්ම අනුරාගී ලෙස ආදරය කරන්න. ඇතැම් විට ඔබට වේදනාව හිමිවිය හැකියි. එහෙත් ජීවිතය සම්පුර්ණ කර ගැනීමට ඇති එකම මග එයයි.
10. යමකට එකග නොවන විටදි සාධාරණ ලෙස ගැටෙන්න. එහෙත් කැත වචන කීමෙන් වලකින්න.
11. ඔවුන්ගේ නැයන්ගේ මිම්මෙන් මිනිසුන් නොමනින්න.
12. ඉක්මනින් සිතන්න. හෙමින් කතා කරන්න.
13. ඔබ පිලිතුරු දෙන්නට ඇකමැති ප්‍රශ්ණයක් කිසිවකු විසින් අසනු ලැබු කල සිනාවක් පා "ඇයි ඔයාට එක දැන ගන්න ඔනෙ...?" යනුවෙන් අසන්න.
14. මහා ලොකු ආදරය, මහා ලොකු බලාපොරොත්තු සමග ලොකු අවදානමක්ද පවතින බව මතක තබා ගන්න.
15. ඔබේ මව සමග නිරතුරුවම අදහස් හුවමාරු කරගන්න.
16. ඔබ පරජය වුවත්, ඉන් ලැබෙන පාඩම ජයග්‍රහණයක් බව සිතන්න.
17. ඔබටම ගෞරව කර ගන්න. අනෙක් අයට ගෞරව කරන්න. වගකීමෙන් යුතුව හැම ක්‍රියාවකම නිරත වන්න.
18. නරක කීරීම තුළින් මිතුරන් අහිමි කර නොගන්න.
19. වැරැද්දක් සිදුවු බව වැටහුණු විට වහාම එය නිවැරදි කරන්නට පියවර ගන්න.
20. දුරකතන ඇමතුමකට පිළිතුරු දෙන විට සිනාමුසු වන්න. අමතන්නාට එය හොදින් දැනේවි.
21. විවාහ විය යුත්තේ කතාබහ කිරීමට කැමැත්ත දක්වන අයකු සමගයි. මහලු වයසට පත්වෙදි අනෙක් හැම හැකියාවකටම වඩා වටින්නේ එය බව මතක තබා ගන්න.
22. හොද අවන්ක ජීවිතයක් ගත කරන්න. ඔබ වයසට ගිය විට ආපසු හැරී බලා සතුටු වන්නට හැකිවේවි.
23. ඔබේ ආදරණීය පුද්ගලයින් සමග ඇතිවන බහින්බස්වීම් වලදී අතීත සිදුවීම් හො වැරදි සිහිපත් නොකරන්න.
24. යම් අවස්තාවකදී ඔබට වුවමනා දෙයක් නොලැබුණහොත් එය වාසනාවක් වීමටද ඉඩ ඇති බව මතක තබා ගන්න.
25. එකිනෙකා වුවමනා කරන දෙදෙනෙකුට වඩා එකිනෙකාට ආදරය කරන දෙදෙනෙකු අතර ඇති සම්බන්ධය බලවත් බව මතක තබා ගන්න.
(email එකක තිබුණු වටින සිතුවිලි ටිකක්)