Monday, August 25, 2014

ලොව හොඳම කථිකයා 'නොමඟ ගිය' ලාංකිකයෙක්

නායකත්වය සහ කථිකත්වය සම්බන්ධයෙන් කටයුතු කරන ලොව ප්‍රධානම ආයතනය සේ සැලකෙන මෙතැන ඔබන්න​ටෝස්ට්මාස්ටර්ස් ඉන්ටර්නැෂනල් ආයතනය මෙහෙයවන වාර්ෂික ජාත්‍යන්තර කථික ශූරතාවලියෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව සිය ජීවිතය නව මඟකට යොමු කෙරුණු බව ධනංජය වීරසිංහ පවසයි.
රටවල් විසි හයක තරඟ කරුවෝ 33,000 කට අධික පිරිසක් වසරක් මුළුල්ලේ ලෝක ශූරතාවලියට තරඟ වදිති.
පසුගිය සතියේ මැලේසියාවේ ක්වාලාලම්පූර් නගරයේ පැවැත්වුණ ලෝක ශූරතාවලියේ අවසාන මහා තරඟය ජයගත් ධනංජය හෙට්ටිආරච්චි ඉරිදා ශ්‍රී ලංකාවට ලඟා විය.
'
ලක්ෂ තුනකට වැඩි පිරිසක් සාමාජිකත්වය දරන ටෝස්ට්මාස්ටර්ස් ඉන්ටර්නැෂනල් ආයතනයේ වසර 75 ක ඉතිහාසය තුල ඉංග්‍රීසි භාෂාව මවු භාෂාව නොවන රටක වැසියකු ලෝක ශූරතාවලිය ජයගත් ප්‍රථම වතාව මෙය බව ඔහු බීබීසී සංදේශයට පැවසීය.
"මේක නිසා මුළු ආසියාවේම කට්ටියටත් තියෙනවා ලොකු විශ්වාසයක් දැන් ඒගොල්ලන්ටත් මේක කරන්න පුළුවන් කියල. ඉතින් දැන් මට අවස්ථාව ලැබිල තියෙනව ඒ රටවලට ගිහිල්ල ඒගොල්ලන්ට කථා කරලා එයාල දිරිමත් කරන්න," යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
ළමා වියේදී 'නොමඟ ගිය' දඟකාර චරිතයක් වීම හේතුවෙන් සිය පියා විසින් තමා ශ්‍රී ලංකාවේ ටෝස්ට්මාස්ටර්ස් සමාජයක් වෙත යොමු කළ අන්දමද ධනංජය කෘතවේදීව සිහිපත් කළේය.

ගතව ගිය දස වසර තුල සිවු වතාවක්ම අවසාන පූර්ව තරඟයට සුදුසුකම් ලැබූ ඔහු, අවසාන මහා තරඟයට සුදුසුකම් ලැබූ පළමු වතාව මෙයයි.

කොහොමද කෑෑෑෑම.....